Feb 21

හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක් 19 ක් රෝහලේ

හමුදා නිලධාරීන් පිරිසක් සිටි
මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක්
19 ක් රෝහලේ

අද (21) අලුයම යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම පිපිරී ගිනි ගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා
දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙයි.

පිපිරීමට හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
බසයේ ගමන් ගත් වැඩි පිරිස යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් බවද වාර්තා විය.තුවාල ලත් පිරිස අතර සිටි හමුදා සාමාජිකයින් ගණන 12 දෙනෙකු බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා තිබේ.
පහත පළවන්නේ ගින්න නිවීයාමෙන් අනතුරුව අද උදෑසන බස් රථය දිස්වූ අයුරුය.

 

1 thought on “හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක් 19 ක් රෝහලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *