May 21

දකුණේ ළමයින්ට උණ වගේ නම් හෙට 21 ඉස්කෝලෙ එවන්න එපාලු

මේ දිනවල දකුණු පළාතේ පැතිර යන උන රෝගය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා අධ්‍යාපන අංශයද සහාය දිය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

අනුව උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබෙන රෝගී දරුවන් හෙට 21 පාසල් එවීමෙන් වළකින ලෙස දෙමාපියන් වෙත ඉල්ලීමක් කර ඇත.
මෙම උණ රෝගය හේතුවෙන් මේ වනවිට මරණ රැසක් වාර්තාවී තිබෙන අතර වෛරස් තත්වයෙන් එහාට ගිය මෙම රෝගය පිළිබඳ තවම වැඩිදුර අධ්‍යයන කටයුතු කෙරේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ නිරීක්ෂණ කණ්ඩායමක් හෙට ස්ථානීය පරීක්ෂාවක් කරන බවද  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *