Dec 25

වැඩිහිටියන්ගේ පාළුව මකන්න රොබෝ පූසෙක්‌

A robot to erase the loneliness of elders

තනිකම, විශාදය (ඩිප්‍රෙෂන්) හා කාංසාව මහලු වියෙහි පසුවන වැඩිහිටියන් බොහෝ දෙනකු මුහුණපානු ලබන තත්ත්වයක්‌. මෙම තත්ත්වයන්ගෙන් මිදීම සඳහා බටහිර රටවල නම් පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන් ඇතිදැඩි කිරීම බහුලව දක්‌නට ලැබෙන්නක්‌. ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝඩ් දූපතෙහි පිහිටි හැස්‌බ්‍රොa හා බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙහි විද්‍යාඥයින් පිරිසක්‌ විසින් මෙසේ මහලු වියෙහි පසුවන්නන්ට ඔවුන් මුහුණපාන ඉහත කී මානසික රෝග තත්ත්වයන්ගෙන් මිදීම සඳහා උපකාර කිරීමට සමත් සැබෑ පූසෙකුට සමාන වූ කෘත්‍රිම රොබෝ පූසෙකු නිපදවා තිබේ.

මෙම රොබෝ පූසා සිය වැඩිහිටි අයිතිකරුවා හෝ අයිතිකාරියගේ පාළුව, තනිකම මැකීමට අමතරව ඔවුන්ගේ ඇස්‌ කණ්‌ණාඩිය සොයා දීමටත්, රෝගයකට බෙහෙත් ගන්නේ නම් බෙහෙත් නිසි වේලාවට ගැනීමට මතක්‌ කිරීමත් සිදුකරන බව විද්‍යාඥයෝ පවසති. වෛද්‍යවරයා වෙත යැමට වේලාවක්‌ වෙන් කර ඇත්නම් අයිතිකරුට එය මතක්‌ කර දීමේ හැකියාවද මෙම පූසාගේ ඇති විශේෂත්වයකි.

මෙම රොබෝ පූසා සැබෑ පූසෙකු මෙන් “ඤාව්” යනුවෙන් කෑගැසීම සිදුකරන අතර පහුරු ගෑම හා බෙල්ල අතගෑමට අයිතිකරු යොමු කරමින් බිම පෙරළීම සිදු කරයි.

“මෙම රොබෝ පූසා හැසිරවීමට මනුෂ්‍යයින් අවශ්‍යයි. මෙම පූසා තම අයිතිකරුට ස්‌නේහය දක්‌වන ආදරණීය සතෙකු කිරීමට පරිගණක සහායකයකුගේ උදව් අවශ්‍ය” යෑයි රොබෝ පූසා නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙහි විද්‍යාඥවරයකු වන බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙහි පර්යේෂකවරයකු ද වන මහාචාර්ය බර්ට්‍රම් මල්ලේ පවසයි.

මෙම රොබෝ පූසා ඉදිරියේදී වැඩිහිටි නිවාසවලද දක්‌නට ලැබෙනු ඇතැයි ඔහු කියයි.

මෙම පූසාට කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීමට එය නිපදවූ විද්‍යාඥයන් සේවය කරන හැස්‌බ්‍රොa හා බ්‍රවුන් විශ්වවිද්‍යාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක ආධාර මුදලක්‌ ඇමෙරිකානු ජාතික විද්‍යා පදනම විසින් ලබාදී තිබේ.

දැනටමත් මෙම රොබෝ පූසා වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර එහි මිල ඇමරිකානු ඩොලර් 100 කි. කෘත්‍රිම බුද්ධිය ඇතුළු කිරීමෙන් පසු එය ඩොලර් සිය ගණනකටම දැරිය හැකි මුදලකට අලෙවි කිරීමට විද්‍යාඥයින් විසින් සැලසුම් කර තිබේ.

ඒමන්ති මාරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *