Jan 06

උසස් පෙළින් ජයගත් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

advance-level-sri-lanka
උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

ඒ අනුව, අද සිට ලබන 26 වනදා දක්වා විශ්වවිද්‍යාල සඳහා අන්තර්ජාලය හරහා පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

අත්පොතේ සඳහන් උපදෙස් අනුව නිසි පරිදි අන්තර්ජාලය ඔස්සේ තම අයදුම්පත් යොමුකරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගියවර පැවති උසස් පෙළ විභාගයෙන් සිසුන් එක්ලක්ෂ 63,104 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති අතර, මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 30,500ක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *