Jan 27

18 හැවිරිදි සිසුවියකගේ දිවි තොර කළ මාරක රිය අනතුර – Video

ambalangoda-accident

අම්බලන්ගොඩ – බටපොල – ඇටඹගහ හන්දිය ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ අදාල පාසල් සිසුවිය අම්බලන්ගොඩ සිට පැමිණි ශ්‍රී ලංගම බස් රථයෙන් බැසීමට යාමේදී එම බස් රථයට යට වී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවියක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *