Dec 23

ඇමරිකාවට එරෙහි වූ රටවල්වලට සපයන ආධාර කපා හරිනවා – ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කරයි

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇමරිකාවට එරෙහිව ඡන්දය භාවිතා කළ සියලුම රටවල්වලට සපයන ආධාර අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.
රටවල් 128 ක්‌ ඇමරිකාවට එරෙහි වූ අතර රටවල් 35 ක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඇමරිකාවට පක්‍ෂව රටවල් 9 ක්‌ ඡන්දය පාවිච්චි කර ඇත. එසේම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සපයන අරමුදල් ද නතර කරන බව ජනාධිපති ට්‍රම්ප් කීවේය.

ඇමරිකානු රජය ලොව රටවල් 100 කට අධික සංඛ්‍යාවකට අරමුදල් සපයයි. මේ අතර ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුq පැවසුවේ ජෙරුසලම යනු ඊශ්‍රායලයේ අගනුවර බවත් එහි රටවල්වල බලපෑම් නිසා ජෙරුසලමෙන් ඉවත් වන්නේ නැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *