Jan 03

අලුත් අවුරුද්දට සිය පවුලම ලේ විලක ගිල්වා ඝාතනය කරමින් වැඩ ඇල්ලූ 16 හැවිරිදි ඝාතකයා – Photos

american-boy-kill-her-family
2018 නව වසර උදාවනවාත් සමගම අවුරුදු 16 ක පිරිමි දරුවෙකු සිය පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තාවනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ලෝන්ග් බ්‍රාන්ච් නැමැති ප්‍රදේශයෙන්.

අදාළ පිරිමි දරුවා විසින් තම පියා, මව, සහෝදරිය සහ තවත් ඥාති පුද්ගලයෙකුට මෙසේ වෙඩි තබා තිබුණා.

අලුත් අවුරුද්ද උදාවන්නට සුළු මොහොතකට පෙර මේ ඝාතන පෙළ සිදුව ඇති අතර වාසනාවකට මෙන් එම පවුලේ සීයාගේ ජීවිතය බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය  වාර්තා කළා.

අදාළ දරුවා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් තුවක්කුවත් භාවිත කරමින්.

අපරාධකරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැහැ.

එසේම මෙම ඝාතනවලට හේතුව පොලිසිය විසින් සොයමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
american-boy-kill-her-family
american-boy-kill-her-family

Leave a Reply

Your email address will not be published. Required fields are marked *