Mar 12

පුත්තලම ආනමඩුවේ කඩයක් ගිනි තියලා

ආණමඩුව පුත්තලම මාර්ගයේ පිහිටි මදිනා නැමති හෝටලය අද (11දා) අළුයම කිසියම් පිරිසක් ගිනි තැබිම නිසා සම්පුර්ණයෙන් විනාශ වි ඇත.

කිසියම් නාඳුනන පිරිසක් මෙය ගිනි තබා ඇත.හෝටලය ආසන්නයේ  රාජකාරි සඳහා පොලිස් නිළධාරින් යොදවා තිබුණද ගිනි තැබීම සිදුවන අවස්ථාවේ මෙම නිළධාරින් මෙම ස්ථානයේ සිට නැත.
සිද්ධියත් සමග ආණමඩුව නගරයේ ආරක්ෂාව තර කර තිබු අතර ගින්නට ලක්වු හෝටල් හිමිකරු සහ රුස්ව සිට පිරිස ඇමතු එතැනට පැමිණි රංගේ බංඩාර මහතා සහ ප්‍රියංකර ජයරත්ත  මෙය කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් කල කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවත් ජාතිවාදි ක්‍රියාවක් නොවන බවත් මේ සිද්ධියෙන් ආණමඩුවේ ජාතින් අතර සමගියට කිසිදු බාධාවක් වීමට ඉඩ නොදෙන බවත් විනාශ වු ස්ථානය සියලු දෙනා එක්ව දින කිපයක් ඇතුළත තිබූ තත්වයට නැවත සකස් කර දෙන බවත් පවසා ඇත.

ඡායාරූප – අද අනුග්‍රහයෙනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *