Mar 26

අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයාව මරා දමලා

අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා
ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටි
කෝටිපති  ව්‍යාපාරිකයාව මරා දමලා

මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකුට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේදී ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටියදී ඊයේ (25) වෙඩි තබා ඝාතනය කර තිබේ.

හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රොෂාන්
ප්‍රේමලාල් (48)

නමැත්තාව එසේ ඝාතනය කර ඇත.කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ආනයනය කර අලෙවි කිරීම ඇතුළු ව්‍යාපාර රැසක නිරතව සිටින ඔහුගෙන් මාකඳුරේ මධුෂ් සමග එක්ව සිටින අංගොඩ ලොක්කා කප්පම් ඉල්ලා ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබිණි.

කප්පම් නොදීම නිසා මෙම ඝාතනය සිදුවී ද නැතිනම් ව්‍යාපාරික ආරවුලකට ඔහුව මරා දැමුවේද යන්න පිළිබඳ සැකයන් දෙකක් පවතින බව පොලීසිය කියයි.

මෙම ව්‍යාපාරීකයා ඔහුට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල ඇති ක්‍රීඩාංගණයට ව්‍යායාම් කිරීමට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි විමර්ශනවලින් පෙනී ගොස් තිබේ, වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ ඇති බව සඳහන්ය.
කොළඹ සහ ඒ අවට තදාසන්න නගර ආශ්‍රිතව ගෙවි ගිය තෙමස තුළ සිදුවුණු පාතාලයේ 15 වැනි ඝාතනය වන්නේ මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *