Dec 23

ඉන්දියාවෙන් යළිත් ප්‍රබල ප්‍රහාරයක්‌

රෝහිත් ෂර්මාගේ සිත් පිත් නැති වර්තාගත ප්‍රහාරය නිසා ඉන්දියාව ඊයේ රාත්‍රියේ ඉන්දෝර්හි පැවැති දෙවන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගයේදී සිය ඕවර් 20 ට ලකුණු 260 ක්‌ ලබා ගත්තේය.

කාසියේ වාසියෙන් පසු ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු යුගල ශර්මා (118) සහ ලෝකේෂ් රාහුල් (89) මුල් කඩුල්ලට ඕවර් 12.4 කදී ලකුණු 165 ක්‌ ලබා ගෙන තිබූ අතර ශර්මා සිය ශතකය පන්දු 35 කින් හඹා යමින් ඩේවිඩ් මිලර්ගේ විස්‌සයි විස්‌ස වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව සම කරන ලදී. ‘දිවයින’ මුද්‍රණයට යන විට ශ්‍රී ලංකා පිල සිය පිළිතුරු ඉනිම සඳහා කඩුලු 8 ක්‌ දැවී ලකුණු 170 ක්‌ (පන්දු ඕවර 15) ලබා සිටියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 37කින් ලකුණු 77 ක්‌ ලබාගත්තේය.

ඉන්දියාව 260/5 (පන්දු ඕවර 20)
ශර්මා 118, රාහුල් 89, දෝනි 28,
තිසර පෙරේරා 49 – 2, නුවන් ප්‍රදීප් 61 – 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *