Feb 01

බංග්ලාදේශයට අද උදේ ලැබෙන්න ගිය සුපිරි වාර්තාවක් ශ්‍රී ලංකාව නැති කලේ මෙහෙමයි – Video

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 3වන දිනය අදයි.

අද උදෑසන තරගය ආරම්භ කරන විට පන්දුවට පහරදෙමින් සිටි මොමිනුල් හක්‌ නොදැවී ලකුණු 175ක් ලබා සිටියා.

ඔහු අද උදෑසන වරුවේදී ද්විත්ව ශතකයට ගමන් කරනු ඇතැයි බොහෝ දෙනා බලපොරත්තුවෙන් සිටියා.

නමුත් ඔහුගේ ඉනිම ලකුණු 176කට සීමා කරන්නට රංගන හේරත් සමත්වුණා.

මොමිනුල්  ද්විත්ව ශතකය වාර්තා කලේ නම් එවැනි දක්ෂතාවක් දැක්වූ බංග්ලාදේශ 4වෙනි ක්‍රීඩකයා බවට ඔහු පත්වෙනවා.

මීට පෙර බංග්ලාදේශය වෙනුවෙන් ද්විත්ව ශතක 3ක් රැස්කරගෙන ඇති අතර ඒවාට හිමිකම් කියන්නේ ෂකිබ් අල් හසන්, මුෂ්ෆිකර් රෙහ්මාන් සහ ටමිම් ඉක්බාල්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *