Jan 24

තුන්කොන් තරගාවලියේ ශ්‍රි ලංකා බලාපොරොත්තු දැල්වයි

bangladesh-zimbabwe
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග තරගය ලකුණු 91 කින් ජය ගන්නට බංග්ලාදේශය මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඩකා නුවරදී පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයේ පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් රැස් කළා.

නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36 යි පන්දු 3 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 125 ක් පමණයි.

සකීබ් අල් හසන් කඩුලු තුනයි.

මේ අනුව ශ්‍රි ලංකාවට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගතහොත් අවසන් මහා තරගයට පිවිසීමට හැකිවන අතර එම තරගය පරාජය වුවද ලකුණු ලබා ගැනීමේ දළ වේගය ඉහළින් රඳවාගතහොත් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාවක් හිමි වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *