Apr 30

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ගැන බැසිල්ගේ තීරණයට නාමල්ගෙන් විරෝධය

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු (සෙල්ලම් පිස්තෝලය නිසා ප්‍රකට වූ) හම්බන්තොට නගර සභාවේ
නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට සහාය දැක්වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයත්වයට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ

මහතා ට්විටර් පණිවිඩයකින් සඳහන් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයින් 09 දෙනෙකුද, පොහොට්ටු පක්ෂයෙන් නියෝජිතයින් 07 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයින් 05 දෙනෙකුද තේරීපත්විය.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නම් යෝජනා කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඒ. ගාමිණි මහතාගේ නම ප්‍රථමයෙන් යෝජනා වූ අතර පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ නමද යෝජනා විය.

මෙහිදී දෙදෙනෙකුගේ නම් යෝජනා වූ බැවින් විවෘත ඡන්දයක් මගින් නගරාධිපති තෝරාගැනීම සිදු විය.

ඒ අනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඒ. ගාමිණි මහතාට ඡන්ද 09ක් හිමි වූ අතර එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඡන්ද 11ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

කෙසේ නමුත් වැඩි ඡන්ද 11ක් ලබා ගත් එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාට හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධුරය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *