Jan 09

‘‘මගේ ඉමිහිරි අගනා කුමාරිකාවට සුබ උපන් දිනයක්.. මීට ඔයාගේ වඳුරු ආදරේ“ – Video

සරාගී නිළි බිපාෂා බාසු 39 වැනි උපන් දිනය ඊයේ ( 07 ) සමරා තිබෙනවා. ඔහුගේ ආදරණිය සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී හා නිරූපණ ශිල්පී Karan Singh Grover ඇයට ආදරණිය සුබ පැතුමක් එක් කරමින් කියා තිබුණේ ” මගේ ඉමිහිරි අගනා කුමාරිකාවට සුබ උපන් දිනයක් වේවා…මිට ඔයාගේ වදුරු ආදරේ කියලයි.

ඒ වගේම ඔවුන් විවාහ වෙලා බිපාෂා සමරන පළමු උපන් දිනය නිසා මේ උපන්දිනය තමන්ගේ බිරිදව සතුටු කරන එක තරම් ඔහුට තවත් සතුටක් නැහැ කියලත් ඔහු කියලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ බිරිද විදිහට ළගට ඇවිත් සතුට පිරුණු ජිවිතයක් කළ එකට ස්තුති කරලා තිබුණා.  එවැනි බිරිදකගේ සැමියෙක් වෙන්න අවස්ථාව ලබා දුන්නාට ඔහු දෙවියන්ට ස්තූති කර තිබුණා.

මේ හැමදෙයක් එක්කම ඔහු බිරිද වෙනුවෙන් සාදයක් පැවැත්වුවා. ඊට ඉන්දියාවේ සිටින ජනප්‍රිය තරු රැසක් සහභාගී වෙලා හිටි බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *