Apr 12

නෙළුව මහකන්දේ ටොනේඩෝවෙන් තේ කම්මලක් ඇතුලු නිවෙස් රැසකට හානි

ගාල්ල නෙළුව මහකන්ද ප්‍රදේශයට වැස්සත් සමඟ බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට සහ අවට නිවාස කිහිපයකට 9 දා සවස හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ
ඒකකය පවසයි.
ආඩාරදෙණිය තේ කම්හල් සමූහයේ ප්‍රධාන කාර්යාලයට සහ කර්මාන්ත ශාලාවේද ඉන් දැඩි ලෙස භානි වී ඇත. පරිගණක ආධාරයෙන්

ක්‍රියාකරන තේ නැටි ඉවත් කිරීමේ යන්ත්‍ර 20න් 11කට බරපතළ හානි සිදුපී ඇති බව කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ වෙත්තිනිගේ ගුණරත්න මහතා පැවසූ අතර, හානිය මේ වනතුරු ගණනය කර නොමැති බවද පැවසීය.
කර්මාන්ත ශාලාවේ අවට නිවාස 8කට මේ හේතුවෙන් හානි වී ඇත.
සිද්ධිය දුටු කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසන්නේ. එක්වරම ඇති වූ සුළගත් සමඟ කර්මාන්ත හාලාවේ වහලය ඉස්සී එහි සවිකර තිබූ තහඩූ ගැලවී ඇඹරී ගිය බවයි. මේ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ කටයුතු සියල්ලන්ම පාහේ ඇණහිට ඇති අතර, අවුරුදු සමයේ එකතු වු සකසන ලද තේ කිලෝ 65000 කට පමණ ජලයෙන් හානි වී ඇති බවක් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *