Apr 05

නව ප්‍රතිසංවිධානයට ඉඩ සලසමින් කබීර් හෂීම් එජාප මහ ලේකම් ධූරයෙන් ඉවත්වේ

එජාපයේ සිදුකරන්නට නියමිත නව ප්‍රතිසංවිධානයට සහාය පළ කරමින් මහ ලේකම් කබීර් හෂීම් සිය
ධූරයෙන් ඉවත්වී තිබේ.

ඒ අනුව එජාපයට නව මහලේකම් වරයෙකු පත් කරන්නට නියමිතය.
මෙම ඉවත්වීම කල් ඇතිව සූදානම් කළ එකක් වන අතර පුංචි ඡන්ද පරාජයෙන් පසු එජාපයේ වෙනසක් අවශ්‍ය බවට පාක්ෂිකයින්ගෙන් ඇතිවූ බලපෑම හා එජාප කෘත්‍යාධිකාර මණ්ඩලය තුළ ඇතිවූ කථාබහ පදනම්ව සිදුවූවකි.
කබීර් හෂීම්ට ඉදිරියේදී එජාපයේ වෙනත් තනතුරක් හිමිවන්නට නියමිත අතර ඔහුගේ අමාත්‍ය ධූරය හෝ ජ්‍යෙෂ්ඨත්වය මත ලබාදී තිබෙන බලතල කිසිවක් මෙහිදී කප්පාදුවට ලක්ව නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *