Dec 21

බ්‍රෙස්‌වෙල් නවසීලන්තයට ජය ගෙනෙයි

Breslin wins New Zealand's Test series

තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක්‌ ලබාගත් නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැති පළමු තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක්‌ ලැබීය.

ඒත් සමග තරග 1-0 ක්‌ ලෙස නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගෙන තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක්‌ දැවී ලකුණු 248 ක්‌ රැස්‌කළ අතර අදාළ ඉලක්‌කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 46කදී කඩුලු 5 ක්‌ අතැතිව ලකුණු 249 ක්‌ සමගින් ජය සපුරා ගැණින.

එහිදී ලකුණු 22 ක්‌ ලබා දිගු ඉනිමකට සැරසුණු කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල්ව දවා ගනිමින් කඩුලු දඩයම ඇරඹූ ඩග් බ්‍රෙස්‌වෙල් ලකුණු 55 කදී කොදෙව් ඉනිමේ කඩුලු හතරක්‌ දවා ගත්තේය. එම දක්‌ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමි විය.

එහිදී නවසීලන්තයට ජය පහසු කළ ජෝඡ් වෝකර් (57), කොලින් මුන්රෝ (49) සහ රෝස්‌ ටේලර් (නොදැවී 49) පිත්තෙන් දස්‌කම් දැක්‌වූහ.

ලකුණු සටහන

බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 248 යි. (ක්‍රිස්‌ ගේල් 22, අර්වින් ලෙවිස්‌ 76, රෝමන් පවෙල් 59, ඩග් බ්‍රෙස්‌වෙල් 4/55, ටොඩ් ඈස්‌ට්‌ල් 3/33)

නවසීලන්තය පන්දුවාර 46 ක්‌ අවසානයේ කඩුලු 5 කට ලකුණු 249 යි. (ජෝඡ් වෝකර් 57, කොලින් මුන්රෝ 49, රෝස්‌ ටේලර් (නොදැවී) 49, කේන් විලියම්සන් 38, ඡේසන් හෝල්ඩර් 2/52)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *