Jan 06

යෝකර් රජු ටෙස්ට් පිටිය ආක්‍රමණය කරයි – Video

bumrah-test

සුපිරි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

ඒ දකුණු අප්‍රිකාව සමග කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී.

බුම්රා ඉතිහාසයට එක්වුනේ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 290 වන ක්‍රීඩකයා ලෙසයි.

ජස්ප්‍රිත් බුම්රා ලසිත් මාලිංග සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර බුම්රා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණේ වේග පන්දු යවන්නෙකු ලෙස පන්දුව පාලනය කිරීම සහ යෝකර් පන්දු යැවීම පිළිබඳව මාලිංගගෙන් බොහෝ අවවාද ලැබුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *