Jan 01

ශික්‌ෂා ලිහිල් කළ යුතුද? ලිහිල් කළ හැකිද?

Can I relax

පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි

වර්තමාන සමාජයේ ඇති ජනප්‍රිය පාඨයක්‌ වන්නේ ‘අද කාලේ හැටියට සිල් රැකීම’ වේ. එනම් සම්බුද්ධ ප්‍රඥප්තිය ඉක්‌මවා ඛුද්දානුඛුද්දක යෑයි කියමින් ශික්‌ෂා ලිහිල් කරගැනීමයි. කාලයේ හැටියට, සමාජයේ හැටියට ඒ ඒ කළ යුතු වෙනස්‌කම් එකතු කරගනිමින් මහණකම කිරීම ඉන් බලාපොරොත්තු වෙයි. උදාහරණ ලෙස මුදල් පරිහරණය, විකාල භෝජනය ප්‍රධාන වශයෙන් දැක්‌විය හැකිය.

එනමුත් එසේ ශික්‌ෂා ලිහිල් කිරීමක්‌ හෝ සමූහනය කිරීමක්‌ වෙනුවෙන් ඉඩක්‌ පවතීද නැද්ද යන්න බුද්ධ දේශනාව තුළින්ම විමසා සිටිය යුතුය. අනෙක්‌ මාර්ග ඔස්‌සේ විමසීම ඵල රහිතය. කිමද යත් ශාසනය බුදුරජාණන්වහන්සේගේ මිසෙක පණ්‌ඩිතමානී පෘතග්ජනයන්ගේ නොවන බැවිනි. මේ වෑයම ඒ උදෙසාය. අගතිගාමී නොවී මධ්‍යස්‌ථ සිතින් විමසා සිටිත්වා.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහල වන්නේ දුක්‌ විඳින සත්වයා සසරින් එතෙර කිරීම උදෙසාමය. අනෙකක්‌ උදෙසා නොවේමය. එසේම එකී බුදුරජාණන්වහන්සේ දේශනා කල මාර්ගය යන ශ්‍රාවකයන් පිළිපද සිටින්නේ ද නිවන් පිණිසමය. අනෙකක්‌ උදෙසා නොවේමය. එසේම එකී ශ්‍රාවකයන් උදෙසා ඒ තථාගතයන් වහන්සේ යම් සේ ශික්‌ෂාවක්‌ පනවන්නේ ද ඒ නිවන උදෙසාමය. අනෙකක්‌ උදෙසා නොවේමය. කෙසේද යත්

”විනයෝ සංවරත්ථාය, සංවරො අවිප්පටිසාරත්ථාය, අවිප්පටිසාරො පාමුඡ්¨ජත්ථාය, පාමුඡ්ජං පීතත්ථාය, පීති පස්‌සද්ධත්ථාය, පස්‌සද්ධි සුඛත්ථාය, සුඛං සමාධත්ථාය, සමාධියථාභූත ඤාණදසසනත¨ථාය, යථාභූතඤාණදස්‌සනං නිබ්බිදත්ථාය, නිබ්බිදා විරාගත්ථාය, විරාගො විමුත්තත්ථාය, විමුත්තිවිමුත්ති -ඤාණදසනත්ථාය, විමුත්තිඤාණදස්‌සනං අනුපාදාපරිනිබ්බානත්ථාය. ” (පරිවාර පාලි)

විනය සංවරය පිණිසය, සංවරය අවිපිලිසරබව පිණිසය, අවිපිලිසරබව ප්‍රමෝදය පිණිසය, ප්‍රමෝදය ප්‍රීතිය පිණිසය, ප්‍රීතිය පස්‌සද්ධිය පිණිසය, පස්‌සද්ධිය සුඛය පිණිසය, සුඛය සමාධිය පිණිසය, සමාධිය යථාභූතඥාන දර්ශනය පිණිසය, යථාභූතඥාන දර්ශනය කලකිරීම පිණිසය, කලකිරීම විරාගය පිණිසය, විරාගය විමුක්‌තිය පිණිසය, විමුක්‌තිය විමුක්‌තිඥාන පිණිසය, විමුක්‌ති ඥාන දර්ශනය

අනුපාදපරිනිබ්බානය පිණිසය.

මේ අනුව විනය පැනවීම් සියල්ල නිවන පරමාර්ථ කරගෙන බව ඉඳුරාම පැහැදිලි වන්නකි. එසේ නිවන පිණිස පනවා ඇති යමක්‌ වේ ද ඒ තුලින් එක අංගයක්‌ හෝ ඉවත් කිරීම නිවනට බාධාවකි. නිවන බැහැර වීමකි. එබැවින් බුද්ධ දේශනාවේ කිසි ශික්‌ෂාවක්‌ නිවන පිණිස උපකාර නොවේ යෑයි කියා සමූහනයට ඉඩක්‌ නොමැත.

එසේම එකී ශික්‌ෂා බැහැර කිරීමට ඉඩක්‌ ඇතැයි පවසන පුද්ගලයින් දක්‌වන කරුණක්‌ නම් ඛුද්දානුඛුද්දක ශික්‌ෂා සමූහයට බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරා ඇති බවයි. ඒ පිළිබඳව ද විමසා සිටිය යුතුමය.

පරිනිර්වාන මංචකයෙහි වැඩ සිටිනා බුදුරජාණන්වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ අමතා මෙසේ දේශනා කළ සේක. කෙසේද යත්,

”ආකංඛමානො, ආනන්ද, සංඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්‌ඛාපදානි සමූහනතු.”

ආනන්දය සංඝයා කැමැත්තේ නම් මාගේ ඇවෑමෙන් කුද්දානුකුද්දක ශික්‌ෂා පද සමූහනය කරත්වා.

(දී.නි, මහා වග්ග, මහාපරිනිබ්බාන සුත්‍රය)

මෙහි බුදුරජාණන්වහන්සේ කිසිවිටෙක ‘අනුජානාමි භික්‌ඛවේ’ කියා දේශනා කර නැත. නියතවම කළ යුතු, නොකරන්නේ නම් ආපත්තිකර ශික්‌ෂා හා සංවරයන් පනවන සෑම අවස්‌ථාවකම නියතවම ‘අනුජානාමි භික්‌ඛවේ’ යනුවෙන් දේශනා කරනා බුදුරජාණන්වහන්සේ මෙහි එසේ දේශනා නොකරන සේක. මෙහි දේශනා කර ඇත්තේ ‘ආකඞඛමානො’ – (කැමැත්තෙ නම්) යන්න පමණි. එනම් සංඝයා කැමති නම් පමණක්‌ කළ හැක්‌කකි. එනම් ධාර්මික වූ සංඝ ක්‍රමයකින් පමණක්‌ කළ හැක්‌කකි. නොඑසේ නම් සමස්‌ථ උපසපන් භික්‌ෂුන් වහන්සේලාගේ කැමැත්ත සහිතව හැකිනම් සියළුම උපසපන් භික්‌ෂුන් වහන්සේලා හෝ නොහැකි නම් නොපැමිණ අයගේ ඡන්දය සහිතව පිරිසිදු සීමාවක රැස්‌වූ පිරිසිදු උපසපන් භික්‌ෂුන් වහන්සේලා සිවු නමක්‌ හෝ වැඩි පිරිසක්‌ විසින් සම්මත කර සිදුකළ යුත්තකි. එසේ නොකර ඒ ඒ පුද්ගල මනාප කම් අනුව්චා කුද්දානුකුද්දක ශික්‌ෂා සමූහනය කළ නොහැක.

එසේම යම් සේ එසේ කළ ද එකී කුද්දානුකුද්දක ශික්‌ෂා නම් කවරක්‌ ද යන්න නිශ්චිත කළ යුතුය. එනමුත් ශාසනයේ වාසනාවට ආනන්ද තෙරුන් වහන්සේ ඒ කුමක්‌ දැයි නොවිමසා සිටි සේක. එබැවින් බුදුරජාණන්වහන්සේ නොමැත හෙයින් කිසිවකුට කුද්දානුකුද්දක ශික්‌ෂා සමූහනය උදෙසා නිශ්චිත බවකට පැමිණිය නොහැක.

තවද බුදුරජාණන්aවහන්සේම දේශනා කරන පරිදි නොපනවන ලද්දක්‌ නොපනවන තාක්‌, පනවන ලද්ද නොසිඳින තාක්‌ භික්‌ෂුන් වහන්සේට අභිවෘද්ධියක්‌ මිස අවැඩක්‌ වන්නේ නැත. ඒ මෙසේයි.

‘යාවකීවඤ්ච, භික්‌ඛවෙ, භික්‌ඛු අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්‌සන්ති, පඤ්ඤත්තං න සමුච්න්දිස්‌සන්ති, යථාපඤ්ඤත්තෙසු සික්‌ඛාපදෙසු සමාදාය වත්තිස්‌සන්ති, වුද්ධියෙව, භික්‌ඛවෙ, භිකඛුqනං පාටිකඞඛා, නො පරිහානි”

(මහාපරිනිබ්බාන සුත්‍රය)

”මහණෙනි, යම්තාක්‌ කාලයක්‌ භික්‌ෂුන් තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලද්දක්‌ නොපණවයිද පණවන ලද ශික්‌ෂා ධර්මය කඩ නොකරන්නාහුද පණවන ලද පරිදිවූ ශික්‌ෂා පදයන් සමාදන්ව නොපිරිහෙලා රක්‌නාහුද, මහණෙනි, ඒ භික්‌ෂුන්ගේ වැඩිදියුණුවක්‌ම කැමති විය යුත්තේය. පිරිහීමක්‌ නොවේයයි”

මේ අනුව ද පෙනී යන්නේ කැමති නම් කුද්දානුකුද්දක ශික්‌ෂා ඉවත කරගනිත්වා යෑයි දේශනා කළ නමුදු එකී ශික්‌ෂා ආරක්‌ෂා කිරීම භික්‌ෂුන් වහන්සේටම යහපත පිණිස, අභිවෘද්ධිය පිණිස පවතින බවයි. එසේ යහපතක්‌ පිණිස පවතින්නක්‌ ඉවත කරගන්නේ කවර නම් අනුවණ කමක්‌ හෙයින්ද? ඉවත් කරගෙන කුමට පිරිහෙන්නෝ වෙමුද?

තවද පහාරාද සුත්‍රය තුළ බුදුරජාණන්වහන්සේ දේශනා කරන කාරණය නම් තමන්වහන්සේගේ ශ්‍රාවකයෝ ජීවිතය හේතුවෙන් හෝ තමන් වහන්සේ පනවන ලද ශික්‌ෂා නොබිඳින බවයි.

”සෙයHථාපි, පහාරාද, මහාසමුද්දො තධම්මො වෙලං නාතිවත්තති එවමෙවං ඛො, පහාරාද, යං මයා සාවකානං සික්‌ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්‌කමන්ති. යම්පි, පහාරාද, මයා සාවකානං සික්‌ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්‌කමන්ති. (අ.නි, අට්‌ඨක නිපාත, පහාරාද සුත්‍රය)

”පහාරාදය, යම්සේ වනාහි මහා සමුද්‍රය තෙම ස්‌ථිර ස්‌වභාවයෙන් යුක්‌තවූයේ වේද, වෙරළ නොයික්‌මවාද, පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්‌ෂාපදයක්‌ පණවන ලදද, ඒ ශික්‌ෂාපදය මාගේ ශ්‍රාවකයෝ ජීවිතය හේතුවෙන් හෝ නොයික්‌මවත්.”

මෙසේ පැහැදිලිවම දක්‌වා තිබෙන කල කුද්දානුකුද්දක කියා ශික්‌ෂා සමූහනයට කවර නම් සැබෑ ශ්‍රාවකයෝ කැමති වෙත් ද? ශ්‍රාවක නොවන්නෝම පමණක්‌ කැමති වෙත්. ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් කැමති නොවෙත්.

එබැවින්ම පළමු ධර්ම සංගායනාවේදී කාශ්‍යප මහාතෙරුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.

”සුණාතු මෙ, ආවුසො, සංඝො. සන්තම්හාකං සික්‌ඛාපදානි ගිහිගතානි. ගිහිනොපි ජානන්ති – ඉදං වො සමණානං සක්‍යපුත්තියානං කප්පති, ඉදං වො න කප්පතීති. සචෙ මයං ඛුද්දානුඛුද්දකානි සික්‌ඛාපදානි සමූහනිස්‌සාම, භවිස්‌සන්ති වත්ර්තාරො – ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික්‌ඛාපදං පඤ්ඤත්තං. යාවිමෙසං සත්ථා අට්‌ඨාසි තාවිමෙ සික්‌ඛාපදෙසු සික්‌ංසු. යතො ඉමෙසං සත්ථා පරිනිබ්බුතො, න දානිමෙ සික්‌ඛාපදෙසු සික්‌ඛන්තී ති. යදි සංඝස්‌ස පත්තකල්ලං, සංඝො අප්පඤ්ඤත්තං නප්පඤ්ඤපෙයH, පඤ්ඤත්තං න සමුච්න්දෙයH, යථාපඤ්ඤත්තෙසු සික්‌ඛාපදෙසු සමාදාය වත්තෙයH.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *