Dec 27

නිශ්චිතයි!…නීති පැනවූ පොලිතීන් – ප්ලාස්‌ටික්‌ ජනවාරි පළමුවැනිදා සිට තහනම්

Certain polythene has been banned since January

රටේ කසළ අර්බුදයක්‌ මතුවීම සඳහා පොලිතින්, ප්ලාස්‌ටික්‌ අවභාවිතය ප්‍රධාන හේතුවක්‌ බවට හඳුනාගෙන තිබේ. එනම්, නාගරික කුණු කඳුවල 60% – 70% ක්‌ පමණම ඇත්තේ නොදිරන ද්‍රව්‍ය බවට පිළිගැනෙන අතර, ඉන් බහුතරයම පොලිතින්, ප්ලාස්‌ටික්‌ වේ. මෙම ගැටලුව අවම කිරීම සඳහා “සිලි සිලි මලු”, “ලන්ච්ෂීට්‌” වැනි උපද්‍රවකාරී පොලිතීන් සීමා කිරීම සඳහා මීට පෙරද රජය මගින් නීති පැනවුවද ඒවා ක්‍රියාවට නැඟුණේ නැත. එහෙත්, මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටී ජීවිත අහිමි වීමද, දේපළ විනාශය හා පාරිසරික අර්බුදය ද සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ඉකුත් 2017 සැප්තැම්බර් මස පළමුවැනිදා සිට පොලිතින් හා ප්ලාස්‌ටික්‌ තහනමක්‌ සඳහා ගැසට්‌ නිවේදනයක්‌ මගින් නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරන ලදී.

එහෙත්, පොලිතින්, ප්ලාස්‌ටික්‌ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට කන් දුන් රජය ඔවුන්ගේ නිෂ්පාදිත තොග අවසන් වනතුරු 2018 ජනවාරි මස පළමුවැනිදා දක්‌වා පොලිතින්, ප්ලාස්‌ටික්‌ තහනම දීර්ඝ කරන්නට කටයුතු කළේය. එම දිනය නිමාවන්නට ඇත්තේ තවත් දින 5 ක පමණ කාලයකි. ඉන්පසු මෙම තහනම ස්‌ථිරව ක්‍රියාත්මක වන්නේද? එහි ස්‌වභාවය හා තහනමට ලක්‌වන දැ සහ තහනමට ලක්‌වන ආකාරය, විකල්ප හා විකල්ප දිරිගැන්වීම් පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා “සති මැද – දෙසතිය” පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සමග සාකච්ඡාවක නිරත විය. එහිදී සභාපතිවරයා දැක්‌වූ අදහස්‌ පහත පරිදිය.

ප්‍රශ්නය – පොලිතින් ප්ලාස්‌ටික්‌ තහනම ජනවාරි පළමුවැනිදා සිට නිශ්චිතද? නැතිනම් යළිත් කල් යනවාද?

පිළිතුර – නිශ්චිතයි, එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි. ඒ විතරක්‌ නෙමෙයි, අපි පොලිතින් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය, වෙළෙ¹ම, ප්‍රදර්ශනය හා භාවිතයට අදාළ නිර්ණායක සහිත ගැසට්‌ නිවේදනය බලාත්මක කළේ 2017 සැප්තැම්බර් මස පළමුවැනිදා. එදා සිටයි, එය ක්‍රියාත්මක. නමුත් කර්මාන්තයේ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගෙනයි තවත් මාස හතරක්‌ කල් ලබා දුන්නේ. තවත් ඒ සහනය දෙන්නේ නැහැ. ඒ විතරක්‌ නොවෙයි, නිෂ්පාදිත තොග අලෙවි කර ගැනීමට මේ කාලය ලබා දුන්නත් දෙසැම්බර්Êමාසය පුරා අපි මේ පොලිතින් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කිරීමත් තහනමට ලක්‌ කරලයි තිබුණේ…

ප්‍රශ්නය – තහනම් පොලිතින් නිෂ්පාදනය, ප්‍රදර්ශනය, විකිණීම, භාවිතය සඳහා මොකක්‌ද ලැබෙන දඬුවම.

පිළිතුර- අවම රුපියල් දස දහසක (10,000) දඩයක්‌

ප්‍රශ්නය – මොනවද මේ තහනම් පොලිතින් හා ප්ලාස්‌ටික්‌.

පිළිතුර – 1980 අංක 47, ජාතික පාරිසරික පනතේ 23 වගන්තිය යටතේ පරිසර ඇමැතිවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 සැප්තැම්බර් මස 01 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට්‌ නිවේදනය අනුව රෙගුලාසි හයක්‌ යටතේ මෙම පොලිතින්, ප්ලාස්‌ටික්‌ තහනම ක්‍රියාවට නැඟෙනවා.

අංක 2034/33 රෙගුලාසියෙන් කියෑවෙන්නේ, දේශීය භාවිතය සඳහා ඝනකමින් මයික්‍රෝන විස්‌ස හෝ ඊට අඩු පොලිතින් හෝ යම් පොලිතින් නිෂ්පාදන නිපදවීම, රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, ප්‍රදර්ශනය, නොමිලයේ ලබාදීම හෝ භාවිතය තහනම් කරන ලද බවයි.

නමුත් මයික්‍රෝන 20 ට අඩු පොලිතින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිපදවීම සඳහා අධිකාරියේ අවසරයෙන් යම් නිදහස්‌ කිරීමක්‌ද කර තිබෙන බව මෙහිදී මතක තබා ගත යුතුයි.

එසේම, 2034/34 රෙගුලාසියට අනුව, දේශීය භාවිතය සඳහා පොලිතින් අමුද්‍රව්‍යයක්‌ ලෙස භාවිතයට ගෙන ආහාර දවටන (ලන්ච් ෂීට්‌ස්‌) නිපදවීම, රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලයේ ලබාදීම, ප්‍රදර්ශනය හා භාවිතය තහනම්.

2034/35 රෙගුලාසියේ කියෑවෙන්නේ, දේශීය භාවිතය සඳහා වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක්‌ වන යම් මලු නිෂ්පාදනය, රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය නොමිලයේ ලබාදීම ප්‍රදර්ශනය හා භාවිතය තහනම් බවයි.

2034/36 රෙගුලාසියෙන් ප්ලාස්‌ටික්‌ අඩංගු කසළ සහ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළිස්‌සීම තහනම් කර තිබෙනවා. කිසිදු තැනැත්තෙකු ප්ලාස්‌ටික්‌ අඩංගු කසළ හෝ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළිස්‌සීම, පිළිස්‌සීමට සැලැස්‌වීම, ඉඩ දීම හෝ අවසර දීම සිදු නොකළ යුතුයි. එම නියෝගවලට අනුකූල නොවන්නන් පාරිසරික පනත (31 වැනි වගන්තිය) යටතේ දඬුවමට ලක්‌ වෙනවා.

2034/37 රෙගුලාසිය මගින් තවත් වැදගත් තහනමක්‌ අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවාපිළිතුර – 2018 ජනවාරි පළමුවැනිදා සිට තහනම් පොලිතින් (ලන්ච්ෂීට්‌/ සිලිසිලි මලු/ සෘජුෆෝම් කෑම පෙට්‌ටි) නිපදවන තොග වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නවා. ඒ අතරම සිල්ලර වෙළෙඳුන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා. අනතුරුව පාරිභෝගිකයන්ටත් ඒ දේට මුහුණ දෙන්න සිදු වේවි. මේ වැටලීම් සඳහා අලුතෙන් සෑම පොලිසියකටම මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධීකරණය කෙරෙන පොලිස්‌ නිලධාරියකු බැගින් පත් කර තිබෙනවා. පරිසර පොලිස්‌ නිලධාරියකු වගේ. ඔහු අදාළ නීතිමය කටයුතු සිදු කරනවා. නමුත් මහජනතාව දැනුවත් කර මෙයින් සාර්ථකත්වය ලබන්නයි අපේ මුලික බලාපොරොත්තුව.

ප්‍රශ්නය – පරිසර හිතකාමී විකල්ප ප්‍රචලිත කරන්න මධ්‍යම පරිසර අධිකාරියට නිසි වැඩපිළිවෙලක්‌ නැහැ.

පිළිතුර – වැරදියි· ජෛව හායනයට ලක්‌වන පොලිතින් දැනටමත් අප රටේ නිෂ්පාදනය කරනවා. ඒවායින් ලන්ච්ෂීට්‌, ග්‍රොසරි මලු හදනවා. අපි ඔවුන් දිරිමත් කරනවා. ඒ වගේම ඒවා සත්‍ය වශයෙන්ම ජෛවහායනයට ලක්‌ වෙනවාද කියා එම කර්මාන්තකරුවන් අපට ඔප්පු කර පෙන්විය යුතුයි. මේ සඳහා ඔවුන් ලියාපදිංචි කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. වැරදි ලේබල් ගහල එන පොලිතින් නිෂ්පාදනත් අපි වටලනවා.

දේශීය විකල්ප නිෂ්පාදනවලට මෙවර අයවැය යෝජනා මගින් සහන සලසා තිබෙනවා. “හරිත ණය” එවැන්නක්‌.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *