Feb 03

තමන්ටත් වඩා තාත්තා ආදරේ කරන්නේ කාටද කියලා චතුරිකා කියයි

chathurika-sirisena

ඔබ කඳුළු සලද්දී මගේ තාත්තාත් කඳුළු සලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන පැවසුවා

තමන්කඩුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා  පැවති රැස්වීමකදී ඇය ඒ බව සදහන් කළේ

පියාගේ කඳුළු තමන් මීට දින කීපයකට පෙරත් දුටු බව චතුරිකා සිරිසේන මහත්මිය සදහන් කළා.

“මගේ තාත්තා එකදවසක් මොරගහකන්ද ජලාශයට උඩින් යද්දී ළඟ හිටපු අයට කියලා තියෙනවා ‘මගේ දරුවන්ටත් වඩා මම මේ මොරගහකන්ද ජලාශයට ආදරෙයි’ කියලා.

අද දේශපාලකයන් දිහා බලන්න වෙලා තියෙන්නේ අප්පිරියාවෙන්. කනගාටුවෙන්. අතිගරු ජනාධිපතිතුමාට මේ රටට ගෙනෙන්න වෙලා තියෙන්නේ මහත්මා දේශපාලනයක්. මහත්මා දේශපාලන චින්තනයක්. නායකයන් කියන්නේ ස්වේච්ඡා සේවකයන් පිරිසක්. අපි නායකයන් තෝරද්දී බුද්ධිමත් වෙන්න ඕනෑ. හැම මොහොතකම මගේ තාත්තා හිතන්නේ ඔබ ගැන.

රට ගැන, ‍පොළොන්නරුව ගැන. ඔබ සුසුම් හෙළද්දී තාත්තත් සුසුම් හෙළනවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *