May 05

නියමුවන් රහිත යානාවලින් ලෝක වාර්තාවක් තබයි – Video

නියමුවන් රහිත යානාවලින් ලෝක වාර්තාවක් තැබීමට චීනය සමත් වී තිබෙනවා.

ඒ නියමුවන් රහිත යානා වැඩිම ප්‍රමාණයක් උඩුගුවනට යවා සංදර්ශනයක් පැවැත්වීමෙන්.

කම්කරු දිනයදා චීනයේ ෂියෑන් නගරයේ පැවැත්වූ එම සංදර්ශනර්යට එක්කර තිබූ ඩ්‍රෝන යානා සංඛ්‍යාව 1374 ක්.

කිලෝමීටරයක් පමණ දුරක් ආවරණය කරමින් විනාඩි 13 ක් පමණ මෙම සංදර්ශනය පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

චීනයේ මෙම නව වාර්තාව මඟින් බිඳ දමා තිබුණේ ඉකුත් පෙබරවාරි මස පැවති ශීත සෘතු ඔලිම්පික් උලෙළේදී ඩ්‍රෝන යානා 1218 ක් ගුවන්ගත කරමින් දකුණු කොරියාවේදී තැබූ වාර්තාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *