Dec 22

නත්තලට OPPO වෙතින් අති නවීන සුවිශේෂි F5 6GB

මෑතකදී ශ්‍රී ලංකාවේ වෙළඳපොළට OPPO F5 දුරකථනය හඳුන්වා දීමෙන් අනතුරුව, තවත් අතිරේක විශේෂාංග රාශියක්‌ සහිත OPPO F5 6GB දුරකථනයද මෙරටට හඳුන්වාදීමට OPPO කටයුතු කර තිබේ.

‘Red Edition’ ලෙස හැඳින්වෙන විශේෂ මාදිලියකින් පැමිණෙන එකම දුරකථනය වන මෙය විශේෂයෙන් තරුණ පරපුර ඇතුළුව සමස්‌ත OPPO දුරකථන ලෝලීන් ඉලක්‌ක කරගෙන හඳුන්වාදී ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගන්නා සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව සපුරාලන දුරකථන හඳුන්වාදීම සම්බන්ධයෙන් අප මෙතෙක්‌ ලැබූ සාර්ථකත්වය නිසා මෙම නව මාදිලිය මෙරටට හඳුන්වාදීමට අප කටයුතු කළා. OPPO F5 6GB දුරකථනය සහ එහි ඇතුළත් විශේෂාංග පෙළ මෙරට තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවට කිසිදු සැකයක්‌ නැහැ යෑයි OPPO Sri lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *