Jan 24

හෙට කොළඹ පාරවල් වැසේ – හේතුව මෙන්න

colombo-road
හෙට උදෑසන 11.30 ත් සවස 2 ත් අතර කාලය තුල කොළඹ අවට මාර්ග කිහිපයක් වසා තැබීමට සහ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ නිල සංචාරයක නිරතවන සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනුයි මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ.

අදාළ කාලය තුල කොළඹ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර එම කාලය තුල හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *