Dec 26

පොදු රදම`ඩුලු යන සවි ඔසවන්නෝ නම් කෙරෙති

 අනුරුද්ධ හේරත් බණ්‌ඩාරමීළඟ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී කරවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්‌ඩායම නම්කර ඇති අතර එයට ක්‍රීඩකයන් 7ක්‌ සහ ක්‍රීඩිකාවන් 4ක්‌ ඇතුළත් බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය නිවේදනය කර සිටී.

පසුගිය සැප්තැම්බර් මස ඔස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්‌ට්‌ නගරයේදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්‌ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දක්‍ෂතාව ආශ්‍රිතව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක්‌ සුදුසුකම් ලබාගෙන ඇති අතර කිලෝ ග්‍රෑම් 105 ට වැඩි බර පන්තිය යටතේ තරග වැදුණු ඩබ්ලිව්. පී. උෂාන් පසුගිය ඔක්‌තෝබර් මස අසර්බයිජාන්හිදී පැවැති ජාත්‍යන්තර ගෘහස්‌ථ තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දක්‍ෂතාව පදනම් කර ගනිමින් ඒ සඳහා වරම් ලබාගෙන ඇත.

මීළඟ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල ආශ්‍රිත බර ඉසිලීමේ තරග 2018 අප්‍රේල් මස 4 සිට 9 දක්‌වා ඔස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්‌ට්‌ නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

2006 වසරේ ඔස්‌ටේ්‍රලියාවේදී ක්‍රියාත්මක වූ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 62 ට අඩු බර පන්තිය යටතේ රන් පදක්‌කමක්‌ දිනා ගනිමින් මෙරට බර ඉසිලීමේ ක්‍රීඩාවේ ගමන් මග නව මාවතකට යොමු කළ චින්තන ගීතාල් විදානගේ මෙවර ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ.

එහිදී ඔහු ස්‌තැච් ක්‍රමයට කි.ග්‍රෑම්. 118 ක්‌ද, ක්‌ලීන් ඇන්ඩ් ජර්ක්‌ ක්‍රමයට කි.ග්‍රෑම්. 153 ක්‌ද ලෙස කි.ග්‍රෑම්. 271 ක බර එකතුවක්‌ සටහන් කරමින් රන් පදක්‌කම දිනා ගත්තේය.

2002 (මැන්චෙස්‌ටර්) 2006 (මෙල්බර්න්) 2010 (නවදිල්ලි) සහ 2014 (ග්ලාස්‌ගෝව්) යන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් කැපී පෙනුණු විදානගේ කි.ග්‍රෑම්. 69 ට අඩු බර පන්තිය යටතේද රිදී පදක්‌කමක්‌ දිනා ගැනීමට සමත්ව සිටීම කැපී පෙනේ. ඒ 2010 වසරේ ඉන්දියාවේදීය. එහිදී ඔහු එසවූ බර එකතුව කි.ග්‍රෑම්. 308 කි. 2010 ලෝකඩ පදක්‌කමක්‌ සහ 2014 දී රිදී පදක්‌කමක්‌ දිනා ගනිමින් කැපී පෙනුණු ඇන්ටන් සුදේශ් පීරිස්‌ මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි නොවීම විශේෂත්වයකි. පරිසාධන මට්‌ටමට ළඟා වීමට නොහැකි වීම එයට හේතුවේ.

චින්තන ගීතාල් විදානගේ (2002, 2006, 2010, 2014), ඉන්දික චතුරංග දිසානායක (2010, 2014), ශානක මධුශංක පීටර්ස්‌ (2010, 2014), තිලංග විරාඡ් පළඟසිංහ (2014), චමරි වර්ණකුලසූරිය (2014) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් අත්දැකීම් ලබා ඇති අතර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා පළමු වරට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ.

සුදුසුකම්ලාභී ශ්‍රී ලංකා කණ්‌ඩායම

ඡේ. ඒ. චතුරංග ලක්‌මාල් (කි.ග්‍රෑම් 56 බර පන්තිය), තිලංග විරාඡ් පළඟසිංහ (කි.ග්‍රෑම්. 62 බර පන්තිය), ඉන්දික චතුරංග දිසානායක (කි.ග්‍රෑම්. 69 බර පන්තිය), චින්තන ගීතාල් විදානගේ (කි.ග්‍රෑම්. 77 බර පන්තිය), ශානක මධුශංක පීටර්ස්‌ (කි.ග්‍රෑම්. 94 බර පන්තිය), ඒ. ජී. සමන් අබේවික්‍රම (කි.ග්‍රෑම්. 105 බර පන්තිය), ඩබ්ලිව්. පී. උෂාන් (කි.ග්‍රෑම්. 105 ට වැඩි බර පන්තිය), හංසනී ගෝමස්‌ (කි.ග්‍රෑම්. 48 බර පන්තිය), චමරි වර්ණකුලසූරිය (කි.ග්‍රෑම්. 53 බර පන්තිය), නදීශානී රාජපක්‍ෂ (කි.ග්‍රෑම්. 58 බර පන්තිය), බී. චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑම්. 75 බර පන්තිය).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *