Feb 03

විප්ලවවාදී නායක ෆිදෙල්ගේ පුතා සියදිවි හානි කර ගනී

cuba-fidel-castros-son-takes-own-life
කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් (Fidel Ángel Castro) හවානාහිදී මරණයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර  ඔහු විශාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙක් බවයි සදහන් කරන්නේ. ඔහු මේ තත්ත්වයෙන් පෙළුණු නිසා බොහෝ කාලයක් ප්‍රතිකාර සදහාත් යොමුව තිබෙනවා.

ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු  කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර තිබෙන බව සදහන්.

මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙසද සේවය කරමින් සිටි මොහු වර්ෂ 1980 – 1992 කාලයේ කියුබානු ජාතික න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා. මොහු න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක්.

ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරු පවසන්නේ කැස්ත්‍රෝ ඩයස් බැලරට් දීර්ඝ කාලයක් තිස්සේ විෂාදය රෝගී තත්ත්වයෙන් බරපතල ලෙස රෝගී වී සිටි බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *