Jan 06

‘‘මගේ ඩයරිය බැලුවද මම දන්නේ නැහැ“ – ඇමති දයාසිරි මහානාම එක්ක පැටලෙයි – Video

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රවීන ක්‍රීඩකයෙකු සංචිතයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති බවට හිටපු ක්‍රීඩක රොෂාන් මහානාම කළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ (04) ප්‍රතිචාර දැක්වුවා.

මේ, රොෂාන් මහානාම දැක්වු අදහසයි.

‘‘මට ඊයේ ආරංචියක් ලැබුණා ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවත් වීම ගැන ක්‍රීඩා ඇමතිට කතා කළා කියලා. සිදත් අයියා, ජයන්ත අයියා, අපි දන්නෑ අපි ක්‍රීඩා කරන කාලේ ක්‍රීඩා ඇමති කවුද කියලවත්. “

එම ප්‍රකාශයට අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

‘‘ මම කනගාටුවෙනවා මහානාම වගේ ක්‍රීඩකයෙක් ඒ වගේ වැරදි ප්‍රකාශයක් කිරීම ගැන. කිසිම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මාව ඇවිල්ලා ටීම් එකට ඇතුළත් කරන්න කියලා ඉල්ලීමක් කළේත් නැහැ. හම්බවුණේත් නැහැ. මම දන්නේ නැහැ මහානාම කොහෙන්ද ඒ තොරතුර හොයාගත්තේ කියලා. ඔහු මගේ ඩයරිය බැලුවද මම දන්නේ නැහැ. ඩයරියේ නම් එහෙම එකක් තිබුණේ නැහැ. මට කිසිම අයිතියක් නැහැ ටීම් එකට ක්‍රීඩකයෝ ඇතුළත් කරන්න. ඉතිහාසයේ වෙච්ච එකක් වෙන්න ඇති ඔහුට මතක් වෙලා තියෙන්නේ. වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා යටතේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෝ ඇතුළත් කරන්න ඇමති ගාවට එන්න ඕනේ නැහැ’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *