Jan 04

අම්පාර ප්‍රදේශයෙන් හමු වූ මියගිය අලියාගේ බඩේ පොලිතීන් පිරිලා

dead-elephants-belly-polythene-was-found-in-ampara-area
අම්පාර අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාවට අයත් පල්ලේකාඩු කසළ කළමනාකරණ ඒකකය අසළ මිය ගිය අලියකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. එම අලියාගේ ආහාර ජීර්ණ පද්ධතිය පුරාවට නොදිරන ෂොපින් බෑග් සහ පොලිතින් පිරී තිබුණ බව නැගෙනහිර පළාත් වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසනවා.

මෙම අලියාගේ වයස අවුරුදු දහයක්‌ පමණ වන බවත් උසින් අඩි හයයි අඟල් අටක්‌ පමණ වන බවත් සදහන්.මෙම අලියා පසුගිය විසි තුන්වන දින පල්ලේකාඩු කසළ කළමනාකරණ ඒකකය අසල රෝගීව වැටි සිටි බවත් දින දෙකක්‌ අලියාට ප්‍රතිකාර ලබා දුන් බවත් අලියාගේ මතුපිටින් කිසිදු තුවාලයක්‌ නොතිබුණ බවත් පශූ වෛද්‍යවරයා සදහන් කරනවා.
රෝගීව සිටි වල් අලියා 28 වැනිදා වන විට මිය ගොස්‌ සිටි අතර ඒ අනුව වල් අලියාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කළ බවත් සදහන්. එම පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කළ මොහොතේදී දක්‌නට ලැබුණේ අමාශය පුරාවට මෙම ස්‌ථානයට ගෙනවිත් දමන මිනිස්‌ පරිභෝජනයෙන් ඉවත් කරන ලද නොදිරන ද්‍රව්‍යවලින් පිරී තිබුණ බවයි. ඒ අනුව මෙම ස්‌ථානයට ගෙනවිත් දමන වස විස සහිත ද්‍රව්‍ය එම ආහාරත් සමග අලින්ට කැවෙන බැවින් විෂ වර්ගද ශරීරගත විය හැකි බවත් ඒ මහතා විසින් පෙන්වා දෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *