Dec 23

ඩයලොග් චැම්පියන්ස්‌ ලීග් පාපන්දු ශූරතාව

නැවියෝ පොලිසිය පරදවති

ඩයලොග් චැම්පියන්ස්‌ ලීග් පාපන්දු තරගාවලියේ පොලිසිය සහ නාවික හමුදා කණ්‌ඩායම අතර වැලිසරදී පැවැති තරගයේදී ගෝල 3-1 ක ජයක්‌ වාර්තා කිරීමට නාවික කණ්‌ඩායම සමත් විය.

නාවික හමුදා කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එන්. එම්. මීරා ගෝල ද්විත්වයක්‌ වාර්තා කළ අතර ඩී. මධුෂංක ගෝලයක්‌ වාර්තා කළේය. පොලිස්‌ කණ්‌ඩායම වෙනුවෙන් වාර්තා වූ ගෝලය පී. ප්‍රියංකර විසින් වාර්තා කරන ලදී.

ජාවා ලේන් සහ බ්ලූස්‌ටාර් සම වෙයි

ජාවා ලේන් සහ බ්ලූස්‌ටාර් අතර සිටි පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවැති තරගය ගෝල 1-1 ක්‌ වශයෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. මොහොමඩ් සර්ෆාස්‌ ජාවා ලේන් වෙනුවෙන් තරගයේ 17 වැනි මිනිත්තුවේදී ගෝලයක්‌ වාර්තා කළ අතර අනතුරුව 85 වැනි මිනිත්තුවේදී ඩී. එච්. රුද්‍රිගු ගෝලයක්‌ වාර්තා කිරීමත් සමග තරග සමව අවසන් විය.

මීගමුව සහ ක්‍රිස්‌ටල් පැලස්‌ කරට කර

කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මීගමුව සහ ක්‍රිස්‌ටල් පැලස්‌ අතර තරගය ගෝල 2-2 ක්‌ වශයෙන් සම සමව අවසන් විය. ක්‍රිස්‌ටල් පැලස්‌ කණ්‌ඩායම වෙනුවෙන් ඉසාක්‌ අබා ගෝල ද්විත්වයක්‌ වාර්තා කළ අතර නිගම්බු යූත් වෙනුවෙන් හරින්ද්‍ර පීරිස්‌ සහ නිලුක්‌ ජනිත ගෝල වාර්තා කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *