Jan 09

ට්‍රම්ප් වොෂිංටනයේ ඉද්දි ට්‍රම්ප් ටවර් ගිනිගනී,

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයිති නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ ට්‍රම්ප් ටවර් නමැති ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් දෙදනකු තුවාල ලබා ඇති අතර ගින්න මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ ගින්න හටගන්නා අවස්ථාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහි සිට නැති අතර ඔහු වොෂිංටන් නුවරට රාජකාරි කටයුත්තක් සදහා ගොස් සිටි බවයි පැවසෙන්නේ.

මෙම ගින්නෙන් එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පුත්‍රයකු twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙම ගින්න විදුලි කාන්දුවකින් ඇති වුවක් බව තහවුරු කර තිබෙනවා.

නිව්යෝර්ක් පිහිටි මෙම ට්‍රම්ප් ටවර් නමැති ගොඩනැගිල්ල ව්‍යාපාරික ස්ථාන වලින් සහ ඇති සුඛෝපභෝගී තට්ටු නිවස වලින් සමන්විතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *