Jan 04

සද්දන්තයෙකුට උගුල් අටවා මරා දැමූ පාපතරයෙකුට අධිකරණයෙන් ලැබුණු දඬුවම

elephant-dead
පොලොන්නරුව වැලිකන්ද දිඹුලාන ප්‍රදේශයේ වයස අවුරුදු 30 සද්දන්තයෙකු විදුලි සැර වද්දවා මැරූ පුද්ගලයෙකුට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ 02 දා රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර තිබෙනවා.

මෙසේ 2017 දෙසැම්බර් 13 වනදා රාත්‍රියේදී මෙම වන අලියාට විදුලි සැර වද්දීමෙන් සැක කරුගේ භූමියේදීම මියගොස් තිබෙනවා.

අලියාට විදුලි සැර වැදීමත් සමඟ සැකකරු එම ප්‍රදේශයෙන්  පලා ගොස් නැවත පැමිණීමෙන් අනතුරුව ජනවාරි 1 වනදා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ මුදල් නියම කොට තිබුණා.

පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසානා කුමාරි ධර්ම කිර්ති මහත්මිය විසින් මෙසේ දඩ නියම කොට ඇත්තේ වැලිකන්ද දිඹුලාන අංක 300 ඉඩමේ පදිංචි ලංකාධිපති වික්‍රමසිංහ රාජකරුණා සුගතදාස නමැති 54 හැවිරිදි අයෙකුටයි.

පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක පි.එම් රත්නායක මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කොට සැක කරු අධිකරණයට ඉදිරි පත් කොට ඇත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *