Feb 03

අලි ජාවාරම්කරුවන්ට වැඩ වරදින ලකුණු

elephant-racketeers
සත්ත්ව ඝාතනවලට සම්බන්ධ වනජීවි නිලධාරීන් හා වන අලි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකළ යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ වනඅලි පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා නැගී ඇති අපරාධකරුවන් හා වනජීවි නිලධාරීන් අතර සිදුවී ඇතැයි කියන රහස් සාකච්ඡාවක් පිළිබදව තොරතුරු ලැබී ඇති බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඒ අනුව අදාළ තොරතුරු ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාර පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කළා.

මේ අතර, පොළොන්නරුව – සෝමාවතිය රක්ෂිතයේ වාසය කළ වන අලියෙකු පෙරේදා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

වනජීවි නිලධාරීන් කියා සිටියේ දඩයක්කරුවෙකු විසින් මෙම වන අලියාට වෙඩි තබා ඇති බවට සැක කරන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *