Jan 03

පොහොර නිසා කැබිනෙට්ටුව කැළඹෙයි – පොහොර නොමිලේ දෙන්නත් යෝජනාවක්

fertilizer-cabinet-press
මෙරට ගොවීන්ට කන්න 3 ක් තිස්සේ වගා කිරීමට නොහැකි වූ නිසා ගොවිතැන් සිදු කරන ගොවීන් උදෙසා නොමිලේ පොහොර ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

එතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති කැබිනට් රැස්වීමකට එක් වෙමින්.

නියඟය වැනි ස්වභාවික පාරිසරික හේතූන් නිසා ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වල කන්න 3ක් තිස්සේ වගා කටයුතු සිදු කිරීමට නොහැකි වූ බවයි අමාත්‍යවරයා මෙහීදී ප්‍රකාශ කලේ.

මෙම කැබිනට් රැස්වීම ඊයේ (02) ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර මේ වනවිට මතු වී ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු රැසක් ඇමති වරයා සාකච්චා කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමති මංගල සමරවීර මහතා ගොවීන්ට පොහොර නොමිලේ අලුතින් දියයුතු නැති බවත් දැනට ද ඔවුන්ට පොහොර ගැනීමට රජයෙන් මුදල් දෙන බවත් සඳහන් කර තිබෙනවා.

මෙහිදී දැනට ඇති වී ඇති පොහොර අර්බුධය සම්බන්ධයෙන් ඇමතිවරු කිහිපයක්ම අදහස් හා චෝදනා එල්ල කළ අවස්ථාවේ කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානයක මහතා දුන් පිළිතුර වූයේ පොහොර ගෙන්වීම රජයෙන් ඉවත් කර සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට දීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර කටයුතු කළ බවත් මෙම අර්බුදයට එයද හේතුවක් බවයි.

පෞද්ගලික අංශය පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක්ද රජය මඟින් පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක්ද පකිස්ථානයෙන් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතත් පාක්ස්ථානය පොහොර අපනයනය සීමා කිරීම නිසා නියමිත අවස්ථාවේ පොහොර නොලැබුණු බවද ඇමතිවරයා මෙහීදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ ගොවීන්ට පොහොර මිටිය රුපියල් 350 ක මුදලකට ලබා දිය යුතු බවත්ය.

පොහොර ගැටලුවට පිළියමක් ලෙස මේ දිනවල ජනපතිගේ මැදිහත්වීම මත පොහොර ලැබෙමින් බවතින බවත් ඉදිරි දින කිහිපය තුළ පොහොර හිඟය මග හැරෙනු ඇති බවත් දුමින්ද දිසානායක මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලබා දීමට පියවර ගන්නැයි ඇමති දුමින්ද දිසානායක මහතාට උපදෙස් ලබා දී තිබෙනව‍ා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *