Feb 02

ඡන්දෙ අතළග – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල දින 5 කට පහළට

food-price-down

70 වැනි ජාතික දිනය නිමිත්තෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල අඩු කිරීමට තීරණය කර තිබෙන බව රජය
පවසයි.පුංචි ඡන්දයට

දින 8 ක් තිබියදී මේ තීරණය ලබාගැනීමද වැදගත්ය. කෙසේ වෙතත් මෙම දීමනාව දින 5 කට පමණක් බල පැවැත්වේ.
දිවයින පුරා ලංකා සතොස වෙළඳසල්වලින් සහන මිලට මේ ද්‍රව්‍ය ලබාගත හැකි බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන අතර සහන මිල ක්‍රියාත්මක වන්නේ ලබන 07 වනදා දක්වා පමණක් බවද දක්වා ඇත.

අඩුකරන ලද මිල ගණන් මෙසේය.

බාස්මතී සහල් කිලෝවක් රු. 120/-
සුදු කැකුළු සහල් කිලෝවක් රු. 60/-
කැඩුණු සහල් කිලෝවක් රු. 59/-
පරිප්පු කිලෝවක් රු. 159/-
මුං ඇට කිලෝවක් රු. 195/-
ලොකු ලූණු කිලෝවක් රු. 110/-
වියළි මිරිස් කිලෝවක් රු. 220/-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *