Jan 26

ගංජා ගෙන්න කියා OIC ට සැර පරුෂ වචනවලින් බැන්න තරුණයාට වැඩ වරදියි.

ganja
ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ජානක විතානාච්චි මහතා ඉදිරියට පැමිණි තරුණයෙක්‌ ”සර් මට සමාවෙන්න සර්ට ඔත්තුවක්‌ දෙන්න මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න” යෑයි ඉල්ලීමක්‌ කර තිබෙනවා. ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චිකර සිටි බව පෙනුණත් කිසිවක්‌ නොකියා තරුණයාට සිය දුරකථන අංකය  ස්‌ථානාධිපතිවරයා ලබා දී තිබෙනවා. තරුණයා සිය දුරකථනයේ එම අංකය සටහන් කර එතැනින් ඉවත් වී එදින රාත්‍රි 8.00ට පමණ ස්‌ථානාධිපතිවරයාට දුරකථනයකින් ඇමතුමක්‌ ලබා දී තිබෙන බව සදහන්. “අඩෝ….(පරුෂ වචනයෙන්) ගංජා පැකට්‌ එකක්‌ එවන්න කියලා රුපියල් 400ක්‌ එව්වා. දැන් පැය කීයක්‌ වෙනවද? තෝ දැනගනින් මම ගලේවෙල …… කියලා. තෝ දන්නෙ නෑ මම කව්ද කියලා… වහාම බඩු එවපිය” ආදි වශයෙන් (ස්‌ථානාධිපතිවරයාට) බැන තර්ජනය කර තිබෙනවා.

ස්‌ථානාධිපතිවරයාට කාරණය තේරුම්ගිය බැවින් ඔහු මෙහිදී ගංජා මුදලාලිගේ චරිතය රඟපා තිබෙනවා. “අනේ මචං සමාවෙන්න. කස්‌ටමස්‌ලා දෙතුන් දෙනෙක්‌ ආවා. පොලිසියෙන් බේරිලා බිස්‌නස්‌ එක කරන්නත් එපායැ. පොඩ්ඩක්‌ ඉවසපන්කෝ. මම බඩු එවන්නම්කෝ.” කියමින් දුරකථනය විසන්ධි කර  පසුදා මෙම තරුණයා පොලිස්‌ ස්‌ථානයට ගෙන්වා ගත් ස්‌ථානාධිපතිවරයා පෙරදා රාත්‍රි තමන්ගේ දුරකථනයෙන් පටිගත කරගත් දෙබස ඔහු ඉදිරියේ වාදනය කර තිබෙනවා. එහිදී පෙරදා රාත්‍රි ගංජා මුදලාලිගේ දුරකථන අංකය කියා සිතා තමන් කතා කර ඇත්තේ ඕ. අයි.සී.ට බව තේරුම්ගත් තරුණයාට තරු පෙණි අනතුරුව තමන් ගනුදෙනු කරන ගංජා මුදලාලිගේ වගතුගද ස්‌ථානාධිපතිවරයාට හෙළි නොකර සිටීමට තරුණයාට නොහැකි වෙලා. අනතුරුව එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ස්‌ථානාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *