Apr 06

13 හැවිරිදි දැරිය කෙළෙසූ 57 හැවිරිදි පුද්ගලයා

පාසල් සිසුවියක වූ 13 හැවිරිදි දැරියක අපයෝජනය කළ බව පැවසෙන 57 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (03)දා සවස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය පවසයි. සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් පාසල්
දරුදැරියන් කිහිපදෙනෙකු

ප්‍රවාහනය කරන අතර, අවසන් වරට නිවස කරා ප්‍රවාහන කරනුයේ අගතියට පත් දැරිය බවත්  සැකකරු පෙරේදා (03)දා දැරියව ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම අපයෝජන සිද්ධිය දුටු කාන්තාවක ප්‍රදේශවාසීන්ට දැනුම් දීම මත ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලා පොලීසියට බාරදී තිබේ. සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එම දැරිය වෙද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *