Jan 24

ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන්ට සුපිරි කනේ පහරක් දෙමින් ලෝක කුසලාන වාර්තාවක් තැබූ සුපිරි ක්‍රීඩකයා

haistha-boyagoda
ශ්‍රී ලංකා අවුරදු 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව සඳහා පැවති තරගාවලියෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව අද පළඟ ශුරතාව සඳහා වූ තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරගයකට එක්වුණා.

කෙන්යාවට එරෙහිව පැවති මේ තරගය ශ්‍රී ලංකාව ලකුණු 311 කින් ජයගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව පරාජය වූ තරග දෙකේදී හසිත බෝයගොඩ නමැති දක්ෂ ක්‍රීඩකයා එම තරගවලදී ඉවත් කිරීම ගැන අප කිහිප විටක්ම හෙළිදරව් කළා.

ඒ ඔහු මීට පෙර දැක්වූ දක්ෂතා නිසයි.

අප කල අනාවරණය සැබෑවක් බව හෙළි කරමින් හසිත් අද කෙන්යාවට එරෙහිව පිත්තෙන් දක්ෂතා දක්වමින් ලකුණු 191ක් රැස්කළේ හතරේ පහර 28ක් සහ හයේ පහර 2ක් සමගින්.

ඔහුගේ ඉනිමට වැය වුනේ පන්දු 152ක් පමණයි.

එය යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයකු ඉනිමකදී රැස් කල වැඩිම ලකණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව ලෙසයි සනිටුවහන් වුනේ.

මේ අනුව පළිගැනීමකට මෙන් හසිතව කණ්ඩායමෙන් ඉවත් කල බලධාරීන්ට හොඳ කනේ පහරක් එල්ල කරන්නට සමත්වීම පැසසිය යුතු කරුණක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *