Jan 27

නිදහස ඉල්ලූ වික්ටර්ගේ අලුත බැඳපු බිරිඳ හෂිනිට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න

hasini-amendra
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සඳහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කර තිබෙනවා.

2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති චෝදනාව වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *