Jan 05

තවත් උපක්‍රමයක් එලියට, හතුරුසිංහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මොලයට බෙහෙත් දීම අරඹයි – Photos

hathurusinghe
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් වූ චන්දික හතුරුසිංහ සිය පුහුණු උපක්‍රමයක් ක්‍රියාවට නංවමින් ක්‍රීඩකයින්ගේ මානසිකතත්වය ඉහල නැංවීමේ වැඩසටහනක් ඊයේ (03) ආරම්භ කළා. ඒ ඕස්ට්‍රේලියාවෙන් පැමිණි මානසික වර්ධනය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ෆිල් ජොන්සේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඔහු ඊයේ දිනයේදී ජාතික කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් අරඹයා වැඩමුළුවක් පැවැත්වූ බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ . ඉදිරි දින කිහිපයේදීත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වීමට නම් ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයින් මානසික ශක්තිය ඉහළන් රඳවාගත යුතු බව පැවසූ හතුරුසිංහ මහතා ජොන්සේගේ සේවය ලබාගත යුතු බව ක්‍රිකට් ආයතනයට නිර්දේශකළ අතර මේ අනුවයි ඔහු ශ්‍රී ලංකාවට කැඳවන්නට පියවර ගත්තේ.

ඔහු මීට පෙර ඕස්ට්‍රේලියා පැසි පන්දු කණ්ඩායමේද මානසික විශේෂඥයෙකු ලෙස සේවය කළ අතර හතුරුසිංහ සමග නිව් සවුත් වේල්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සමගින්ද ඔහු වැඩකටයුතු සිදුකර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *