Jan 31

අතුරුදහන් වූ කාන්තාව කාසල්රි ජලාශයෙන් මතු වූ හැටි

hatton-case
කාසල්රි ජලාශයේ වේල්ලට ආසන්නයේ අධි ආරක්‍ෂිත කලාපය තුල පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද (31) උදෑසන සොයාගත් බව එම ජලාශයේ ආරක්‍ෂක නිලධාරීන් පවසනවා.

ජලාශ මධ්‍යයේ පාවෙමින් තිබූ එම සිරුර මීට සතියකට පමණ පෙර අතුරුදහන්ව සිටි, කාසල්රි ජලාශයට ආසන්නයේම පිහිටි ලෙදන්ටි වතුයායේ පදිංචිව සිටි තරුණියකගේ බවට සැක කරනවා.

ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් පවසන්නේ තරුණියගේ අතුරුදහන් වීම පිළිබඳව එම තරුණියගේ ඥාතින් විසින් මීට පෙර තමන් වෙත දැනුම් දුන් බවයි.

සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හැටන් පොලිසිය ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *