Dec 29

HNB ග්‍රාමීන් එන්ජින් ධාරිතාව 660CC මෝටර් රථ සඳහා මූල්‍ය ක්‍ෂේත්‍රයේ හොඳම ලීසිං පහසුකම තිළිණ කරයි

HNB Grants 6x450

ලියාපදිංචි කළ හෝ ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාව 660CC මෝටර් රථ සඳහා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අඩුම ලීසිං වාරිකයක්‌ සහිත සුවිශේෂී ලීසිං පහසුකමක්‌ හඳුන්වා දීමට HNB ග්‍රාමීන් ෆිනෑන්ස්‌ ලිමිටඩ් පසුගියදා පියවර ගන්නා ලදී.

මෙම සුවිශේෂී ලීසිං පහසුකම 2018 ජනවාරි 31 වැනි දින දක්‌වා වලංගු වන අතර මෙම කාලසීමාවට පෙර ලියාපදිංචි කළ හෝ ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාව 660 ජජ මෝටර් රථ සඳහා HNB ග්‍රාමීන් වෙතින් ලීසිං පහසුකම් ලබා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා මෙම සුවිශේෂී ලීසිං පැකේජය ලබා ගත හැක. දීපව්‍යාප්ත HNB ග්‍රාමීන් ශාඛා 48 ක්‌ තුළින් ද මෙම ලීසිං පහසුකම ලබා ගැනීමේ අවස්‌ථාව පවතී.

HNB ග්‍රාමීන් විසින් හඳුන්වාදෙන මෙම ලීසිං පැකේජය සඳහා අය කෙරෙන වාරිකය 660 ජජ මෝටර් රථ සඳහා මූල්‍ය සමාගමක්‌ මගින් පිරිනමා ඇති අවම වාරික මුදල වන අතර තරගකාරී පොළි අනුපාතයක්‌ යටතේ තමාගේ ආදායමට සරිලන පරිදි වාරිකය සකස්‌කර ගැනීමේ හැකියාව (Structured Leases) සහ අවසන් ශේෂය මත විශාල වාරිකයක්‌ එකවර ගෙවීමේ ක්‍රමයට (Residual Balance) හෝ සෑම මාසයකම ස්‌ථාවර වාරික ක්‍රමයක්‌ යන ගෙවීම් ක්‍රම යටතේ මෙම ලීසිං පහසුකම ලබා ගැනීමට සියලු දෙනාටම අවස්‌ථාව සැලසී ඇත. මීට අමතරව පුද්ගලිකවම සොයා බැලෙන එක්‌දින සේවාව, නිවස හෝ ව්‍යාපාරික ස්‌ථානය වෙත පැමිණ සේවාවන් සැලසීම, නොමිලේ ලබා දෙන මෝටර් රථ ලියාපදිංචිය සහ රක්‌ෂණ සේවාවන් මෙම ලීසිං පහසුකමට ඇතුළත්ව ඇත.

HNB ග්‍රාමීන් වෙතින් ලබා දෙන මෙම සුවිශේෂී ලීසිං පහසුකම් ලබාදෙන ප්‍රවර්ධන කාලසීමාව තුළ 660 ජජ මෝටර් රථ වැඩි වශයෙන් ආනයනය කරනු ලබන ඇසෝසියේටඩ් මෝටර්වේස්‌ (AMW) සහ ඉන්ද්‍රd ටේ්‍රඩර්ස්‌ යන සමාගම් විසින් මෙම මෝටර් රථ කාණ්‌ඩය සඳහා HNB ග්‍රාමීන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ වාසි රැසක්‌ ලබා දෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *