Jan 03

31 රෑ මහ පාර මැද පොලිස් නිලධාරිනියකට පිරිසක් කළ අමානුෂික වැඩක් රටක් කළඹයි – Video

horrific-moment-female-police-officer-attacked-in-paris-subur
නව වසරේ උදාව සනිටුහන් කරමින් ප්‍රංශයේ පැරිස් නුවර පැවති සැණකෙළියක් අතරතුර පොලිස් කාන්තාවකට සංවිධානාත්මක පිරිසක් විසින් පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමග එරට රජයද අපහසුතාවට පත්ව සිටිනවා.

31 වැනිදා රාත්‍රි යේදී කිසියම් පිරිසක් පැරිස් නුවර වීදියක ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එම ගැටුම මැඩපැවැත්වීම සඳහා පොලිස් කාන්තාවක් එම ස්ථානයට පැමිණ ඇති අතර ඇය ගැටුම සමතයකට පත් කිරීමට උත්සාහ කරද්දි ගැටුම ඇති කර ගත් පිරිස පොලිස් කාන්තාවට පහර දීමට පටන් ගෙන තිබෙනවා.

පොලිස් කාන්තාවට පහර දෙන අතරතුර පහර දෙන ආකාරය විඩියෝ කිරීමටද මෙම පිරිස ක්‍රියා කර ඇති අතර එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා වෙතද ඔවුන් මුදා හැරියා.

මෙම වීඩියෝවෙන් පොලිස් කාන්තාවට පහර දෙන අමානුෂික ආකරය මුළු ලොවටම හෙළිවූ අතර මේ නිසා ප්‍රංශ රජයද අර්බුදයකට මුහුණපා සිටිනවා.

ආරක්ෂක අංශවලට මෙලෙස පහර දෙද්දි රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරද්දි එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් කිරීමට වහාම ක්‍රියා කරන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *