Jan 03

නව අවුරුද්ද සමරන්න ගිය පෙම්යුවළකට මහමඟදී අත්විඳින්න වුණු අවාසනාවන්ත අත්දැකීම – Video

incredible-moment-hundreds-fireworks-go-off-in-cars-trunk
අවුරුදු උදාව සමරන්න මෝටර් රථයකින් නිවසට ගෙනයමින් තිබූ ගිනිකෙළි තොගයක් එක්වරම පුපුරා ගිය අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලින්.

එහිදී Hurrara Hasan නමැති අයෙකු තම පෙම්වතිය මෝටර් රථයේ තබා සුපිරි වෙළඳසැලකට ගොස් තිබෙනවා.

ඒ අතරතුරයි එක්වරම මෝටර් රථයේ පසුපස ගබඩා කර තිබූ ගිනිකෙළි තොගය එක්වරම පිපිරීමකට ලක්වන්නේ.

ඔහු පවසන්නේ මෝටර් රථය පිපිරීම පිළිබඳව තමන් බිය නොවූ මුත් තම පෙම්වතිය මෝටර් රථයේ සිටීම පිළිබඳව බිය වූ බවයි.

කෙසේ හෝ පිපිරීම ආරම්භ වූ අවස්ථාවේ කඩිනමින් ඇය ඉන් ඉවතට පැන බේරී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම අවස්ථාවේ අදාළ මෝටර් රථ අංගනයේ 1000කට ආසන්න පිරිසක් සිට ඇතිමුත් මේ හේතුවෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නොමැති වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් නිවසට ගෙන යන්න කළින් මහමගදී සැණකෙළියක් මවා ගිනිකෙළි තොගය අවසන් වූ හැටි පහතින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *