Feb 26

ඉන්දීය වෛද්‍යවරුන් උතුරු නැගෙනහිරට අනවසර වෛද්‍ය සායන කරලා

india-doctors-jaffna
සංචාරක වීසා උපයෝගී කර ගනිමින් ඉන්දියාවේ සිට වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් හා සායනික පුහුණුවීම්වල යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කිසියම් පුද්ගලයෙක් වෛද්‍යකර්මයේ යෙදෙන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලීයාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වන නමුත් මෙම වෛද්‍ය කණ්ඩායම් එසේ ලියාපදිංවියක් ලබා නොගෙන සායන පැවැත්වීම හා පුහුණුව ලබා ගැනීම බරපතළ තවයක් යැයි සංගමයේ ලේකම්

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා නොගෙන යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් වෛද්‍ය සායනයක් පවත්වා මිනිස් ජීවිතයකට යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම භාර ගැනීමට පුද්ගලයකු හෝ ආයතනයක් නොසීටීම බරපතළ ගැටලුවක් බව වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
මෙම පුද්ගලයින් මෙරටට පැම්භණන්නේ කාගේ අවසරය මතද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන බවද  ඔවුන් වැඩිදුරටත්  සඳහන් කරයි.

මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැතිව ඇතැම් පෞද්ගලික රෝහල්වල සේවය කළ ඉන්දීයානු වෛද්‍යවරුන් එරටට පිටමන් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලකිරීම මත රජයට  පියවර ගැනීමට සිදු වූවා යැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *