Jan 26

ඉන්දියාව සහ පකිස්ථානය යළි ගැටෙන්නට සුදානම් වෙයි

indian-vs-pakistan
19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ පකිස්ථානය මුණ ගැසීමට නියමිතයි.

ඉන්දියව අවසන් පූර්ව වටයට පිවිසුනේ අද (26) පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය ලකුණු 131කින් පරාජය කරමින්.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 49.2 කදී ලකුණු 265 ක් රැස්කලා.

නමුත් බංග්ලාදේශයට පන්දුවාර 42.1 කදී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 134ක් පමණයි.

මේ අනුව ඉන්දියා-පකිස්ථාන් අවසන් පූර්ව තරගය ලබන 30 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *