Feb 22

අනියම් සැමියා සමඟ සිටි බිරිඳ පිහියෙන් කපා මරා අනියම් සැමියාටත් පිහියෙන් ඇන සැමියත් මුහුදට පැනලා.

insidend
මත්ද්‍රව්‍ය නඩුවකට රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා නිවසට පැමිණෙන විට අනියම් සැමියා සමඟ නිවසේ නිදා සිටි බිරිඳ සහ ඇගේ අනියම් සැමියාව පිහියකින් කපා සැමියා, මුහුදට පැන අතුරුදන්ව ඇතැයි මාරවිල පොලිසිය පවසනවා.

 ඉකුත් 20 වැනිදා අලුයම 1.00 ට පමණ මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

පිහි පහර කෑ බිරිඳ වූ වර්ණකුලසූරිය මංජුලා ප්‍රියදර්ශනී (40) නමැත්තිය මාරවිල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට ගෙන ගිය පසු මියගොස්‌ තිබෙන අතර මියගිය තැනැත්තිය නාත්තන්ඩිය අඹගහවාඩියේ පදිංචිකාරියක වන අතර සිද්ධිය වී ඇත්තේ දැනට අතුරුදන්ව සිටින සැමියා වන ශිරාන් ලක්‌සිරි නමැත්තා පදිංචි මාරවිල දෙවන හරස්‌ වීදියේ නිවසකදීයි.
මෙහිදී පිහි පහර කෑ චමින්ද සමන් කුමාර නමැත්තාද බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව සදහන්.
මියගිය තැනැත්තිය සහ දැනට අතුරුදන්ව සිටින සැමියා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම් සම්බන්ධව චෝදනා ලැබූවන් බවද මියගිය තැනැත්තිය තවත් පිරිමින් දෙදෙනකු සමඟ පවුල් කා ඇති තිදරු මවක බවද පොලිසිය කියයි. මාරවිල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *