Feb 23

භූමිතෙල්වලට පෙට්‍රල් කලවම් කළ පුද්ගලයාට සිදු වූ නොසිතූ විපත මෙන්න

jaffna-man-dies
යාපනයේ මනිපායි සූදුපලෙයි ප්‍රදේශයේ පුද්ගලයකු භූමිතෙල්වලට පෙට්‍රල් කලවම් කරමින් සිටියදී එය හදිසියේම ගිනි ගැනීමෙන් පිළිස්‌සී මරුමුවට පත් වී ඇති බව යාපනයේ මනිපායි පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ ආරුමුගම් තුරෙයිරාජා නමැති පනස්‌හය හැවිරිදි සිවු දරු පියෙකි.

වතුර පොම්පය පණ ගැන්වීම සඳහා ඔහු අසල වෙළෙඳසැලකින් භූමිතෙල් රැගෙනවිත් ඒවා පෙට්‍රල් සමඟ කලවම් කරමින් සිටියදී පෙට්‍රල් බෝතලයට ගිනි ඇවිළී ඔහුගේ සිරුරට ද ගිනි ඇවිළී තිබේ.

වහාම ඔහු ළිඳ අසල පිහිටි වතුර ටැංකියකට පැන ඇතත් ඒ වනවිට ඔහුගේ සිරුර පුරාම ගිනි ඇවිළී තිබූ බවත් මනිපායි පොලිසිය කියයි.

බරපතළ පිළිස්‌සුම් තුවාල සහිතව ඔහු යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ තිබේ.
මනිපායි පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *