Dec 25

විකිරණ වැළැක්‌වීමට ජංගම දුරකථනය ඈතින් තබා ගන්න

Keep away from the cell to prevent radiation

ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේග

ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම හා එම විකිරණ හේතුවෙන් හටගන්නා සෞඛ්‍ය තර්ජනයන් අඩු කිරීම සඳහා තම ජංගම දුරකථනයන් අඩි ගණනාවක්‌ ඈතින් තබා ගන්නා ලෙස ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවා තිබේග

ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කරන ලද්දේ ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණ හේතුවෙන් පිළිකාවන්ල අවධානය සම්බන්ධ ගැටලුල මානසික සෞඛ්‍ය ගැටලු හා ප්‍රජනක සෞඛ්‍ය ගැටලු හට ගත හැකි බවට ලැබී ඇති අති විශාල සාක්‍ෂි මත පදනම්ව බව ප්‍රකාශ වී තිබේග ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේග

කැලිෙෆdaනියානුසෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පර්යේෂණයන් හරහා ජංගම දුරකථනයන්ගෙන් නිකුත් වන විකිරණ භයානක බව මෙතෙක්‌ නිශ්චිතව තහවුරු කර නැතත් වෙනත් අධ්‍යයනවලදී එම විකිරණ විශේෂයෙන් ම ළමුන්ට අහිතකර බව අනාවරණය වී තිබේග කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද්දේ ඇමරිකා එක්‌සත් ජනපදයේ බර්ක්‌ලී හා සැන් µ්‍රeන්සිස්‌කෝ නගර බලධාරිහු සිය නගරවාසීන්ට තම ජංගම දුරකථනයන් ශරීරයට තරමක්‌ දුරින් තබා ගන්නා ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ පසුයග

රේඩියෝ තරංග සහිත ජංගම දුරකථනයන් මෙහිදී අඩුම විකිරණ ප්‍රමාණයක්‌ නිකුත් කරන දුරකථනයන් සේ ගැනුනදල අප ජංගම දුරකථනයන් සමීපයෙහි තබා ගැනීම භයානක විය හැකි බව පර්යේෂකයින්ගේ මතය වී තිබේග

සෘජුවම ජංගම දුරකථනයක්‌ ශරීරය මත තබා ගැනීම කිසිසේත් නිවැරැදි අදහසක්‌ නොවන බව පාරිසරික සෞඛ්‍ය පදනමෙහි ආචාර්ය ඩෙව්රා ඩේවිස්‌ පවසන්නීයග මෙහිදී හැකිතාක්‌ ස්‌පීකරයක්‌ සහිත ජංගම දුරකථන හෝ හෑන්ඩ්ස්‌ µ්‍රS සෙට්‌ උපාංගයන් සහිත දුරකථනයන් විකිරණවලට නිරාවරණය වීම අඩු කර ගැනීම සඳහා භාවිතා කරන ලෙස කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස්‌ නිකුත් කර තිබේග බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ වනුයේ ජංගම දුරකථනයන් ශරීරය මත තබා ගැනීමෙන් වළකින ලෙසට පැහැදිලි අනතුරු ඇඟවීමක්‌ එම දුරකථන සමාගම් නිකුත් කරන බව යෑයි ආචාර්ය ඩෙව්රා කීවායග

කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශන මාලාවට අනුව ජංගම දුරකථනවලින් නිකුත් වන විකිරණ වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ මොළයට ඇති කරන බලපෑම වැඩියග මෙම විකිරණවලට නිරාවරණය වීම ළමුන්ගේ මනසෙහි වර්ධනයට ද හානිකර විය හැකි බව වෛද්‍ය මතයයිග

මොළයේ හෝ කන්වල පිළිකාවන් හට ගැනීමට ජංගම දුරකථනවලින් නිකුත් වන විකිරණ හේතු විය හැකි බව කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයිග

එම දෙපාර්තමේන්තුවට අනුව හෑන්ඩ් µ්‍රs සෙට්‌ උපාංගය භාවිත කිරීමෙන්ල ජංගම දුරකථනය සමඟ නිදා ගැනීමෙන් වැළකීමත්ල (කොට්‌ටය යට තබා ගැනීමෙන් වැළකීම) එම දුරකථනයන් කමිසරැ කලිසම් සාක්‌කුවල නොදමා හා බෙල්ට්‌ එකට සවි නොකර බෑගයක රැගෙන යැමත්ල නිරතුරුවම ජංගම දුරකථනය කන්වලට හා හිසට ආසන්නයේ තැබීමෙන් වැළකීම විකිරණවලින් ආරක්‍ෂා වීමේදී වැදගත් යග

භාවිත නොකරන විට ජංගම දුරකථනයෙහි එයාර් ප්ලේන් මෝඩය ක්‍රියාත්මක කිරීම හෝ දුරකථනය ක්‍රියා විරහිත කිරීමත්ල කතා කිරීමට වඩා කෙටි පණිවිඩ යෑවීමත් විකිරණ ශරීරගත වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන්යග

නවතම අධ්‍යයන යන්ගෙන් හෙළි වී ඇත්තේ තම කලිසම්රැ කමිස සාක්‌කුවල ජංගම දුරකථනය තබා ගන්නා පිරිමින්ගේ ශුක්‍රානු මට්‌ටම අඩු විය හැකි බව යෑයි ආචාර්ය ඩෙව්රා සඳහන් කරන්නීයග දැනට සතියකට පමණ පෙරදී ප්‍රංශය ප්‍රාථමික හා මධ්‍යම පාසල් ශ්‍රේණිවල ජංගම දුරකථන භාවිත කිරීම තහනම් කරනු ලැබූ අතර එයට හේතු වී ඇත්තේ ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ජංගම දුරකථනවලින් බලපෑම් එල්ලවීම වැළැක්‌වීමයිග

ඒමන්ති මාරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *