Jan 04

අනතුරක් සිදුකර පලා යමින් සිටි කාර් රථයක් විසිවී ගිය හැටි CCTV කැමරාවක සටහන් වෙයි – Video

යතුරුපැදි අනතුරක් සිදුකර පලායමින් සිටි මෙම මෝටර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවී අනතුරක් සිදුව තිබෙනවා.

මේ අනතුර සිදුවුණේ කිරිල්ලවල කන්ද කපපු හන්දියේදීයි.

අනතුරින් තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවන් දෙදෙනෙක්,පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ එක් කුඩා දරුවෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අසල තිබූ සීසීටීවී  කැමරාවක අනතුර සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *