Jan 05

කැළණි ග‍ඟේ, කිතුල්ගල තොටුපළෙන් පාසල් ළමුන් 10ක් ගසාගෙන ගිහින් වෙන්න ගිය විනාශය

kithulgala-school-children-case
මීට කළිනුත් මේ වගේම දෙයක් වෙලා…

කැලණි ගඟේ කිතුල්ගල තානායම් තොටුපළෙන් ඊයේ (3) උදෑසන එගොඩ වීමට පැමිණි පාසල් දරුවන් 10 දෙනකු සමඟ පාරුව ගසාගෙන ගොස්‌, ගලක හිර වීමෙන් එම සිසුන් දහදෙනා ඇතුළු දොළොස්‌ දෙනකුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇති පුවතක් පිළිබඳව වාර්තාවනවා.
ඊයේ (03) උදෑසන මෙම පාසල් දරුවන් කැලණි ගඟේ කිතුල්ගල තානායම් තොටුපළෙන් එගොඩ වීම සඳහා පාරුවට නැග ඇති අතර ගඟ මැදට පැමිණි අවස්‌ථාවේ එක වරම පාරුව ගඟේ මීටර් 750ක පමණ දුරක්‌ ගසාගෙන ගොස්‌ ගලක හිර වීමෙන් නතර වී ඇති බවත් පසුව ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී පාසල් දරුවන් ඇතුළු පිරිස බේරාගෙන ඇති බවත් පැවසෙනවා.

මීට පෙර මෙම ස්‌ථානයේ තිබූ ඔරුවද පිරිසක්‌ සමඟ ගසාගෙන ගොස්‌ ඇති අතර පසුව එයද ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා.

පල්ලේබාගේ, පරවලතැන්න ගම්මානවල පදිංචි පවුල් 400 කට ආසන්න සංඛ්‍යාවක්‌ කැලණි ගඟෙන් එගොඩ මෙගොඩ වීම සඳහා දෛනිකව මෙම පාරුව භාවිතා කරන බවත් වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම ස්‌ථානයට පාරුවක්‌ ලබා දෙන ලෙස බලධාරීගෙන් ඉල්ලා ඇතත් මේ වනතුරු ලබාදී නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම තොටුපළෙන් එගොඩ මෙගොඩ වීමේ අනාරක්‍ෂිතභාවය පිළිබඳ මාධ්‍ය මගින් කිහිප වතාවක්‌ හෙළිදරව් කළත් බලධාරීන්ගේ අවධානයට යොමු වී නැති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
මීට පෙර වෙනත් පුද්ගලයකු විසින් තානායම් තොටුපළේ ඔරුවේ ටෙන්ඩරය ලබාගෙන ඇති අතර මෙම වසරේ ජනවාරි පළමුදා සිට නව ටෙන්ඩර් කරුවකු විසින් මෙම පාරුව තොටුපලට ලබාදී ඇති බවත් මෙම පාරුවේ නැගීම බැසීමද දුෂ්කර බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.
 පාරුව ගසාගෙන යෑමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පාසල් දරුවන් මෙගොඩට රැගෙනවිත් ඇති අතර මෙහිදී දරුවන් දැඩි භීතියට පත් වී සිටි අතර පසුව දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගොස්‌ තිබෙන බවයි වාර්තාවුණේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *